දීප ව්‍යාප්ත පාසල් ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වැඩ වර්ජනයකට යාමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (25) පැවසුවේ ගුරු වැටුප් විෂමතාවය සඳහා විසඳුමක් ලබා නොදුනහොත් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ගුරු වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙකක කොටස ලබාගැනීම, විභාග ඇගයීම් ගාස්තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලීමට නියමිතව ඇත්තේ.