26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට අද සිට නොමිලේ ආහාර වේලක්

පාසල් සිසුන්ට අද සිට නොමිලේ ආහාර වේලක්

පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන අදින් (25) ඇරඹේ.

ඊට අදාළ නියමු වැඩසටහන අද නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම අරමුණු කර ගනිමින් රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

රජය රුපියල් මිලියන 16,600ක පිරිවැයක් මේ සඳහා දරනු ලබන අතර දිවයින පුරා ප්‍රාථමික ශ්‍රේණි සිසුන් මිලියන 1.6කට මේ යටතේ ආහාර ලබාදෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදීමට පියවර ගන්නා බවයි.