26.1 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලංගොඩ ඉඩමකින් මළ සිරුරක් හමුවෙයි

බලංගොඩ ඉඩමකින් මළ සිරුරක් හමුවෙයි

බලංගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ ඇති පෞද්ගලික ඉඩමක තිබී මෙම මළ සිරැර අද (25) සොයාගත් බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි.

මෙය ඝාතනයක්ද නැතහොත් ස්වභාවික මරණයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.