26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ සිටි රැවුල් කුමාර සන්තකයේ දුරකථනයක්

බූස්සේ සිටි රැවුල් කුමාර සන්තකයේ දුරකථනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රැවුල් කුමාර සඟවා තබාගෙන තිබූ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (24) බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය A කොටසේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී ඔහුගේ ඉනේ සඟවා තිබූ මෙම දුරකථනය සොයාගෙන තිබෙනවා.

පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසිනුයි මෙම විශේෂ සෝදිසි කිරීම සිදු කර ඇත්තේ.

මෙම සෝදිසි මෙහෙයුමේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රැවුල් කුමාර’ යන රැඳවියා රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක් ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.