29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් යන්න පිළිබද තොරතුරු තමන් දන්නා බව පවසමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.