30.6 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොස්කව් ප්‍රහාරයට අදාළ නඩු විභාගය ඇරඹේ

මොස්කව් ප්‍රහාරයට අදාළ නඩු විභාගය ඇරඹේ

රුසියාවේ මොස්කව් හි ප්‍රසංග ශාලාවකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩු විභාගය ඊයේ (24) ආරම්භ කෙරුණා.

එහිදී සැකකරුවන් තිදෙනෙකුගේ ඇස් බැඳ මොස්කව් හි දිස්ත්‍රික් උසාවියකට රැගෙන එනු ලැබූ අතර සිව්වැන්නා රෝද පුටුවකින් උසාවියට පැමිණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් සියලු දෙනාටම ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ බවට චෝදනා එල්ල වී ඇති අතර සැකකරුවන් සිව්දෙනාම තජිකිස්තාන ජාතිකයන් බවයි රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරුවන් දෙදෙනෙක් වරද පිළිගෙන ඇති අතර සැකකරුවන්ට එරෙහිව පූර්ව නඩු විභාගය මැයි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ තුවක්කුකරුවන් හතර දෙනෙකු මොස්කව් නගරයට නුදුරින් පිහිටි ක්‍රොකස් සිටි ශාලාවට කඩා වැදී රොක් ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි 6,000 ක පමණ පිරිසකට වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රහාරයෙන් 137 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.