25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු 07 දැරියට සීයයි අයියයි වරින්වර හදි කරලා

අවුරුදු 07 දැරියට සීයයි අයියයි වරින්වර හදි කරලා

වයස අවුරුදු 07ක බාල වයස්කාර දැරිවියකට ලිංගික අතවර කළ බව කියන දැරියගේ ඥාතීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 77ක් වන අතවරයට ලක් වූ දැරියගේ සීයා සහ වයස අවුරුදු 19 ක ඇගේම ඥාති සහෝදරයෙකි.

බාල වයස්කාර දැරිවියකට ඇයගේ මව්පියන් නිවසේ නොමැති අවස්ථාවේදී ලිංගික අතවර කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාම ආණමඩුව – ආඬිගම, පරප්පන්තොට පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

තමන්ට වයස අවුරුදු 05 ක කාලයේ සිට සැකකරුවන් දෙදෙනා වරින්වර තමාට අතවර කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇති අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් දෙදෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.