25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව මෙරටට සතුන් ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට සතුන් ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමඟ තරුණ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්, රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් දෙදෙනා 35 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

මොවුන් දෙදෙනා ඊයේ (25) දින පස්වරු 04.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන්, ගෙම්බන්, මාලු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා, තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මෙම සතුන් විමර්ශන කටයුතු නිම වනතෙක් කටුනායක ගුවන්තොටුපොළ සත්ව නිරෝධායන ආයතනය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.