― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රාථමික අංශයට පමණක් දිවා ආහාරය ලබාදීම කණගාටුයි

ප්‍රාථමික අංශයට පමණක් දිවා ආහාරය ලබාදීම කණගාටුයි

වත්මන් රජය විසින් දිවා ආහාරය කියා ප්‍රාථමික පන්තිවල දරුවන්ට පමණක් ආහාර වේලක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් දරුවන්ව කිසිදු අවස්ථාවක කොටස්වලට බෙදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 87 වැනි අදියර යටතේ අද (26) රත්නපුර, රක්වාන ගොඩකවෙල රාහුල ජාතික පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාරුවෙන් ජීවත්වන පවුල්වල දරුවන් පන්ති කාමරවල ක්ලාන්ත වී වැටෙන බවත් අමාරුවෙන් ජීවත් වන රටේ, රජයේ පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් පාසල් දූදරුවන් සිටින විට ප්‍රාථමික දරුවන් පමණක් වෙන් කර දිවා ආහාරය ලබා දීම කණගාටුදායක බවත් සමගි ජන බලවේග රජයක් තුළ පාසල් දූදරුවන් 41 ලක්ෂයටම දිවා ආහාරය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

සමාජයේ අංශු මාත්‍රයක් තරම් වන කුහකයන් මේ වැඩ විවේචනය කරන බවත් ඔවුන්ගේ ඇගිලි සාම්ප්‍රදායික දේශපාලනය නියෝජනය කරන අයට දික් කළ හැකි වුවත් සමගි ජන බලවේගය වෙත දික් කිරීම සිදු කළ නොහැකි බවත් තමා ඇතුළු පිරිස බලයක් නොමැතිව රටට අගයක් මේ වන විටත් එකතු කර ඇති බවත් රාජ්‍ය බලය ලැබුණු පසුත් රජයේ වියදම්වලට අමතරව දානපතියන් සම්බන්ධ කර ගෙන අධ්‍යාපනය සංවර්ධනය කිරීමට නව වැඩපිළිවෙළක් සතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තමාට බස් රථ ලබා දෙන එක ගැටලුවක් නොවූවත් රටේ විනිමය ගැටලුව නිසා බස් රථ ආනයනය සෙමින් සිදුවන බවත් මෙරට තුළ නිෂ්පාදනය වන බස් රථ පවා නිෂ්පාදනය අඩු බවත් තමා හොරා කෑම, වංචා කිරීම්, අල්ලස් දූෂණය නොකරන නිසා මෙවැනි බස් පරිත්‍යාග කිරීමට ඕනෑ තරම් දානපතියන් සිටින බවත් එම නිසා තමා සෑම මොහොතකම පාසල් පද්ධතියට අගයක් එකතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කිසිදු දවසක මෙරට ඉතිහාසයේ විපක්ෂයක සිට සංවර්ධනයක් හරහා රටට වටිනාකමක් අගයක් එකතු නොකළත් සමගි ජන බලවේගය එම ක්‍රමයේ වෙනස ඇති කළ බවත් මීට පසු බලයට එන විපක්ෂ නායකවරයාට මේ නිසා අනිවාර්යෙන් වැඩ කළ යුතු බවත් ඔහුට කයිවාරු දේශපාලනය සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.