― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

මාර්තු 29 වැනිදාට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව 26 සහ 27 යන දෙදින තුළ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියලු කතෝලික/ ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පුද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමු වී සාකච්ඡා කළ යුතු වනවා.

එමෙන්ම 26 සහ 27 යන දෙදින තුළ පොලිස් ස්ථාන අධික්ෂණය කරන දිස්ත්‍රික්භාර නිලධාරින්ද තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් ඉහත පරිදි පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේව මෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පුද්ගලිකවම සොයා බලන ලෙසත් පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරීමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරික්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මලු පරික්ෂාවකට ලක්කොට දේවස්ථානයට ඇතුල් කිරීම අවශ්‍ය බව හැඟේ නම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සදහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.