27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු දැලේ පැටලී තරුණයෙක් ජීවිතක්ෂයට

මාළු දැලේ පැටලී තරුණයෙක් ජීවිතක්ෂයට

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු මාළු දැලක පැටලී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පුනානි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ වාලච්චේන පොලිස් වසමේ පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මෙලෙස මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි.

මියගිය තරුණයාගේ පියා විසින් ඊයේ (25) වාලච්චේන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ සිට ඇති බවත් ඔහු විසින් මාළු දැලක් ද රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.