මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 400 ගණනකට මුහුණ දුන් බවත් එම නිසා ඔහු හිරේ යයි කියා තමා කිසිදාක නොසිතන බවත් දයාසිරි ජයසේකර පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කවදාවත් හිතුවේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න වෙයි කියලා. මොකද 2016 දී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න තමයි පොදුජන පෙරමුණ කටයුතු කළේ. පොදුජන පෙරමුණේ පිරිසක් එක කතාවක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා තව කතාවක් කියනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුව හිතාගන්න පුළුවන් කවුද කා එක්කද ඉන්නේ කියලා.
මානුෂීය ජනතා පෙරමුණ හැටියට අපි නව සන්ධානයක් ගොඩනැගුවා. පක්ෂ නායකත්වය මට ලැබෙයිද කියලා කියන්න බැහැ. අනාගතයේ සිදුවන දේවල් සභාපතිවරයා අත්හරින්න සූදානම් නම් වගකීම මට භාර දෙනවා නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් සහ ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරු ඇමතිවරු සියල්ල සමග සාකච්ඡා කරලා මැතිවරණ ජයග්‍රහණයකට එනකම්ම මේ පක්ෂය ගේන්න පුළුවන්. ඒ සම්බන්ධය හදන්න පුළුවන් හුය තියෙන්නේ මගේ ළඟ. වගකීම දෙනවා නම් බාර අරගෙන කරන්න මම සූදානම් ඕනෑම මොහොතක. මොකද පාක්ෂිකයා සහ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙලා තියෙන්නේ. නැවත ඒක ගොඩනගන්න පුළුවන් ශක්තිය තිබෙනවා.”