26.7 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරකයින්ට මෙරට සිරි නැරඹීමට දුම්රිය 02ක්

සංචාරකයින්ට මෙරට සිරි නැරඹීමට දුම්රිය 02ක්

සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ සඳහා විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ධාවනයේ යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රිය අප්‍රේල් මස 05 වැනිදා සිට ධාවනයේ යෙදවීමට නියමිත බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මෙම දුම්රිය දෙකෙන් එක් දුම්රියක් සෑම දිනකම උදෑසන 6.30ට සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ලෙස දවසක් හැර දවසක් දුම්රියක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති.