― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsසාර්ථක අධ්‍යාපනයක් නැති රටක් සාර්ථක වෙන්නේ නැහැ

සාර්ථක අධ්‍යාපනයක් නැති රටක් සාර්ථක වෙන්නේ නැහැ

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මේ බව ප්‍රකාශ කළේ මාතර කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමිනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් 12 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුයි. සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නැති රටක් සාර්ථක වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අධ්‍යාපන වැඩසටහන් සකස් කරන්න පුළුවන්. නමුත් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත කළමනාකරණය කළ යුතුයි. පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩාවැටී තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තිබුණා. එම අවස්ථාවේ රටේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙරට ආර්ථික තත්ත්වය යම් තැනකට ගෙන ඒමට කටයුතු කළා.

එතනින් එහාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වන විට ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. දැන් මහ බැංකුව රටට, ජනතාවට වගකිවයුතුයි. ඒ වගේම සෑම ආයතනයක්ම රටට හා ජනතාවට වගකිව යුතුයි. ඊට අදාළ නීති මේ වන විට සකස් කර තිබෙනවා. එසේ නොකරන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේම රටේ සෑම පළාතක්ම සංවර්ධනය කිරීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙනවා. ඒ ඒ පළාතට ආවේණික ක්‍රමවේද මගින් එම පළාතේ ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේ ක්‍රියාවලියේදී දෙනියායටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. තේ ඇතුළු වැවිලි කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයේදීත් දෙනියායට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බව කිවයුතුයි. ඒ අනුව මේ ප්‍රදේශයේ ජනතාවටත් වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට හැකි පසුබිමක් අප සකස් කරනවා.”