28.9 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇත් දළ සමඟ අයෙක් පොලිස් දැලේ

ඇත් දළ සමඟ අයෙක් පොලිස් දැලේ

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් එක්ව වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා.

එම වැටලීමේදී ඇත් දළ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අදාළ ඇත්දළ කුඩා කැබලිවලට සකස් කර සන්තකයේ තබාගෙන සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී ඉපැරණි පිහියක් ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

වැටලීමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.