30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුවෙල නිවසක කාන්තා මළ සිරුරක්

කඩුවෙල නිවසක කාන්තා මළ සිරුරක්

කඩුවෙල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන කඩුවෙල පොලිස් වසමේ කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි කොතලාවල, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මරණකාරිය නිවසේ තනිව ජීවත්ව ඇති බවත් ඇය පිළිබඳව අසල්වාසින් කළ සෝදිසියකදී නිවස තුළ හිසෙහි තුවාලයක් සහිතව බිම වැටී සිටි මෙම කාන්තා මළ සිරුර හමුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇති අතර කඩුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.