26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවාඩු නිකේතනයකදී නන්දසේන අත්අඩංගුවට

නිවාඩු නිකේතනයකදී නන්දසේන අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහනවිටගේ දොන් නන්දසේන හෙවත් ‘නන්දසේන’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාතමක යුක්තියේ මෙහෙයුමට සමගාමීව නුවරඑළිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවාඩු නිකේතනයක් තුළදී සැඟව සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 2024 මාර්තු 02 වැනිදා කිරිබත්ගොඩ සහ කටුනායක පොලිස් බල ප්‍රදේශවලදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 300ක් මෙරටට ගෙන්වන ලද ප්‍රධාන ජාවාරම්කරු ද වනවා.

මොහු පසුගිය සමයේ ඉන්දියාවේ සැඟව සිට පෙබරවාරි 29 වැනිදා දිවයිනට පැමිණ ඇති අතර සිය දෙවන බිරිඳ සමග නුවරඑළිය ප්‍රදේශයේ සැඟව සිටියදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල සහ ගණේමුල්ල ප්‍රදේශවල මොහු සතුව ඇති සුවිසල් නිවාස දෙකට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාසය මගින් අරඹා තිබෙනවා.

මොහුගේ සහෝදරයා ද තොටළඟ ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බන්දු’ නැමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තෙක් බවයි පොලීසිය පැවසුවේ.