28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුවේ ස්පා 53ක් හදිසියේම වසා දමයි

මීගමුවේ ස්පා 53ක් හදිසියේම වසා දමයි

නිසි අවසරයකින් තොරව මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමා තිබෙනවා.

පසුගිය සතියක පමණ කාලයක සිට මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළ බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙලෙස වටලනු ලැබූ සම්භාහන මධ්‍යස්ථානවල සේවිකාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවයි.

මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟයි මෙලෙස සම්භාහන මධ්‍යස්ථාන සොයා වැටලීම් කර ඇත්තේ.

මොහු තදින් මතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන අතර ඔහු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මෙලෙස මීගමුව පොලිස් කොට්ඨාසයේ සම්බාහන මධ්‍යස්ථානවල රැකියාවේ නිරත වූ තරුණියන් 120 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.