29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 16 ක් අල්ලයි

මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 16 ක් අල්ලයි

මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 16 දෙනෙකු සහ යාත්‍රා 05 ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ ඉරණතිව් දකුණු මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රා 5 ක් මගින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න හා කිමිදුම් උපකරන යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් 3178 ක් අල්ලා සිටියදී එම ධීවරයින් පිරිස හා කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලංකාවිල්, නාච්චිකුඩා, සහ වීරවිල් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 22ත් 52 ත් අතර වියේ පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සහ මුහුදු කූඩැල්ලන් සමඟ ධීවර යාත්‍රා ද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා කිලිනොච්චිය සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.