25.6 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ජීවිතක්ෂයට

රිය අනතුරකින් මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ජීවිතක්ෂයට

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කේ. අකිලේන්ද්‍රන් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (27) සවස වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් අදාළ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෛද්‍යවරයාගේ මළ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුඒ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.