― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවැසූ ස්පා ගැන අසා පොලීසියට ඇමතුම් රැසක්

වැසූ ස්පා ගැන අසා පොලීසියට ඇමතුම් රැසක්

ඊයේ (27) මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවලින් HIV ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගත් බව සැලවීමත් සමඟ ඔවුන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසියට එකපිට එක දුරකථන ඇමැතුම් රැසක් ලැබෙන බව වාර්තා වනවා.

මෙලෙස HIV ආසාදිත් කාන්තාවන් දෙදෙනෙකු සොයාගැනීමත් සමඟ ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මෙලෙස සම්භාහන මධ්‍යස්ථාන සොයා වැටලීම් සිදු කිරීමට පොලීසිය පියවර ගත්තා.

ඉන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන 53ක සේවයේ නියුතු කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.