29 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCID යෙන් නිවසට යද්දී දමිතා අතුරුදන්

CID යෙන් නිවසට යද්දී දමිතා අතුරුදන්

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඔවුන් එහි නොසිට ඇති බව වාර්තා වනවා.

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ ඇප අයදුම්පත කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊඉයේ (27) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීඉන් විසින් ඊයේ (27) රාත්‍රීයේ බොරලැස්ගමුව, පැපිලියන ප්‍රදේශයේ පිහිටි දමිතා අබේරත්නගේ නිවසට ගියද ඔවුන් ඒ වනවිටත් නිවසින් පළාගොස් තිබුණා.