― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරක් - 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් ගමන් ගත බස් රථයකි.

අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීමට තිබූ අපහසුතා හේතුවෙන් සුන්බුන් අතර සිරව සිටි බොහෝ පිරිසකගේ ජීවිත බේරා ගැනීමට ගැලවීමේ කණ්ඩායම්වලට නොහැකි වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ 46 දෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර ඉන් දිවි බේරා ගැනීමට හැකිව ඇත්තේ අට හැවිරිදි දැරියකගේ පමණයි.

රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව පාලමෙන් ඉවතට පැන මීටර් 50 ක ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.