28 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙක් පලායයි

අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙක් පලායයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් පළාගොස් තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකුයි මෙලෙස පළාගොස් ඇත්තේ.

අනුරාධපුර බන්ධනාගාරය පවසන්නේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා කැලණිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස පළාගොස් ඇති බවයි.

මෙම සිරකරුවන් පැළඳ සිටි බන්ධනාගාර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිරකරුවන් සොයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.