― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජාති, ආගම්වලට නොබෙදී රට ගොඩගමු - සජිත්

ජාති, ආගම්වලට නොබෙදී රට ගොඩගමු – සජිත්

ජාතීන් අතර ආගම් අතර සමගිය එකමුතුභාවය සුරක්ෂා කරමින් අප රටක් ලෙස අප එකට ජීවත් විය යුතු බවත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ලෙස වෙන් නොවිය යුතු බවත් මෙම එකමුතුභාවය රටේ ශක්තිය මෙන්ම ජනතාවගේ ශක්තිය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ රටේ සියලුම පුරවැසියන් එක හා සමාන බවත් උතුරේද දකුණේ ද බටහිර ද නැගෙනහිර ද කියා බෙදීමක් නොතිබිය යුතු බවත් කිසිම ජාතියකට තවත් ජාතියක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් කිසිම ආගමකටද තවත් ආගමක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් සෑම ජාතියකටම සංස්කෘතියකටම තමන්ගේ අනන්‍යතාව සුරක්ෂා කර ගනිමින් අපගේ මාතෘභූමිය තුළ සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් එකට ජීවත් විමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (29) වව්නියාවේ ශ්‍රී නාගරාජ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආගම් භේදය ජාති භේදය මෙන්ම අන්තවාදය තුරන් කර මේ එකමුතුභාවය සුරැකිය යුතු බවත් අන්තවාදය මුලින් උපුටා දැමිය යුතු බවත් ආගම් තුළ ඇති අන්තවාදී ආගම්වාදී සමහර මතවාද ඉවත් කර ඒ ඒ සංස්කෘතිය තුල ජීවත් වීමෙ මෙන්ම ආගම් ඇදැහීමේ අයිතිය ඇති බවත් ආගමික නිදහස තහවුරු කිරීමෙන් රටක් ලෙස දේශයක් ලෙස එක්සේසත් වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්ති තිබුණත් ජාතීන් ආගම් අතර ගැටුම් තිබේ නම් වැඩක් නොමැති නිසා ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව අධ්‍යාපනයට මුල්තැන ලබා දී මෙරට අධ්‍යාපනය ඉහළට ඔසවා තබන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.