― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනීතිවිරෝධීව ඉපයූ කෝටි 11ක දේපළ තහනම්

නීතිවිරෝධීව ඉපයූ කෝටි 11ක දේපළ තහනම්

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපළ රැසක් අද (29) තහනම් කර තිබෙනවා.

මෙලෙස තහනම් කළ දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහභාගි වුණා.

තහනම් කරනු ලැබූ දේපල හා වාහන පහතින්,

2024.01.21 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල..

01.ISUZU FREEZER වර්ගයේ ලොරි රථය
(ලක්ෂ 65)

02.HONDA DIO වර්ගයේ යතුරු පැදිය (ලක්ෂ 05)

03.ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (ලක්ෂ 100)

04.IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(ලක්ෂ 110)

2024.01.26 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(ලක්ෂ 04)

02.SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(ලක්ෂ 140)

03.SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය
(ලක්ෂ 10)

04.SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(ලක්ෂ 07)

05.ඉඩම් හා නිවාස (නිවාස -03 , කඩ කාමර- 01, ඉඩම්-05 (ලක්ෂ 530)

2024.03.27 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.අංක IMUL-A-0983-GLE දරන අශ්ව බල 185 ක් වන හයිහුන්ඩායි එන්ජිම සහිත දිග අඩි 40’4 වන බහුදින ධිවර යාත්‍රාව(ලක්ෂ 150)

02.අංක IMUL-A-0810-GLE දරන සීනිගම, මීටියාගොඩ හර්ෂ මැරීන් ආයතනයේ නිශ්පාදනය කරමින් පවතින බහුදින ධීවර යාත්‍රාව (නිෂ්පාදනය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමාණය ලක්ෂ 52)

03.ඉඩම්-02 (ලක්ෂ 210)

ඒ අනුව මුදල් විශුද්ධීකරණ පනතේ 7(1) වගන්ති යටතේ ක්‍රියාවිරහිත කර ඇති වාහන සහ දේපලවල මුළු වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1,103 කට අධික බවටයි ගණන් බලා ඇත්තේ.