29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙදුන්කේනි රක්ෂිතයේ ගස් කැපූ අයෙක් අත්අඩංගුවට

නෙදුන්කේනි රක්ෂිතයේ ගස් කැපූ අයෙක් අත්අඩංගුවට

නෙදුන්කේනි, සුඩුවෙන්දාන් අධි ආරක්ෂිත රක්ෂිතයට ඇතුළු වී එහි ගස් විශාල ප්‍රමාණයක් කැපූ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) නෙදුන්කේනි පොලිස් වසමේ සුඩුවෙන්දාන් රජයේ අධි ආරක්ෂිත රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී සුඩුවෙන්දාන් රජයේ අධි ආරක්ෂිත රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී විශාල භූමි ප්‍රමාණයක් හෙළිපෙහෙළි කිරීම හා එහි වෙලන්, වීර, කලුමැදිරිය, කරව්, තේන්තඩි, ඇහැළ, කලුමැදරිය යන දැවමය වශයෙන් වටිනා ගස් රැසක් කපා දමා රක්ෂිතයට හානි කළ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු නෙදුන්කේනි අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.