28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රකාශයක් ගන්න මෛත්‍රීට අප්‍රේල් 04 කැඳවීමක්

ප්‍රකාශයක් ගන්න මෛත්‍රීට අප්‍රේල් 04 කැඳවීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අප්‍රේල් මස 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් මෙම නියෝගය ලබා දුන්නා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 22 වැනිදා නුවරදී ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය කළේ කවුදැයි තමා දන්නා බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.