― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාප් වහන්සේ බන්ධනාගාරගත කාන්තාවන්ගේ පා සෝදයි

පාප් වහන්සේ බන්ධනාගාරගත කාන්තාවන්ගේ පා සෝදයි

ඊයේ (28) මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ බන්ධනාගාරයක කාන්තාවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කර තිබෙනවා.

මහ බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙය අතරතුර පාප් වහන්සේ විසින් කාන්තාවන් 12 දෙනෙකුගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

87 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ දිනවල පවතින්නේ අයහපත් මට්ටමකයි.

එසේ තිබියදීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ පැවති මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙයට පාප් වහන්සේ සහභාගී වී තිබෙනවා.

එහිදී පාප්වහන්සේ විසින් රෝද පුටුවේ සිට සෑම කාන්තාවකගේම පාද දෝවනය කර ඇති අතර එම කාන්තාවන් පාප් වහන්සේ ඔවුන්ගේ පාද සේදූ අවස්ථාවේ සංවේදී වී කඳුළු සලා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාස්කු ඉරිදාට පෙර යෙදෙන බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් පාද සේදීමේ චාරිත්‍රය සිදුකරනු ලබනවා. මෙමගින් ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයන්ගේ පාද සේදීම සංකේතවත් කරනු ලබනවා.