27 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදයි.

ලොව පුරා කිතුණු බැතිමතුන් අද දිනයේදී නිරාහාර ශීලය රකිමින් දාන මාන දෙමින්, කිතු සමිඳුන්ගේ කුරුස ගමන සිහිපත් කරමින්, පාද නමස්කාරයේ යෙදෙමින් ආගමික වත්පිළිවෙත්වල නිතර වනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසා පවින් මුදාගැනීම සඳහා කුරුසියේ දිවිපිදීම සිහිපත් කරමින් අද දිනයේදී කිතුණු බැතිමතුන් දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වනු ලබනවා.

මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරිදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව විශ්වාස කරන කතෝලික බැතිමතුන් උන්වහන්සේ මළවුන් පරදා නැගිටීම සිහි කරමින් පාස්කු ඉරිදා මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.