― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමැතිවරණය කල් දාන්නේ නෑ - විජයදාස

මැතිවරණය කල් දාන්නේ නෑ – විජයදාස

පවතින ඡන්ද ක්‍රමය ප්‍රතිසංශෝධනය කළද ඡන්ද කල් දැමීමක් පිළිබඳ ඉන් අදහස් නොවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (29) මල්වතු මහා නා හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය සමයේ සෑම රජයක් යටතේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ විවිධ කතිකා මතු උනත් ඒ පිළිබඳව කිසිදු දෙයක් කළේ නෑ. මැතිවරණ පැවැත්වීමේ සංශෝධනය පිළිබඳ අපි කාලයේ කටයුතු පටන් ගත්තොත් ලබන වසරේ හරි ඒක අවසන් කරන්න පුළුවන් වෙයි. මේක අපි කඩිමුඩියේ කරන දෙයක් නෙවෙයි. තවමත් අපේ රටේ තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් පැනවූ අණ පනත් දැන් මේවා යාවත්කාලීන කළ යුතු කාලයක් පැනලා තියෙන්නේ. අපි දැනට අණ පනත් 42 ක් පමණ වර්තමානයට ගැලපෙන විදියට සංශෝධනය කරලා තියෙන්නේ. තවත් අණ පනත් 69-70 සංශෝධනය කරන්න තියෙනවා. ඒවත් අපි කඩිනමින් කරන්න බලාපොරොත්තු වෙනවා.

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් ලබා දුන් දඬුවම් පිළිබඳ මට මොකුත් ප්‍රකාශ කරන්න බෑ. ඒ දඬුවම ලබා දුන්නේ මේ රටේ අධිකරණයයි. ඒ තීන්දු විවේචනය කරන්න කාටවත් හැකියාවක් නෑ.