23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියෙන් අදත් අපරාධකරුවන් 790ක් අල්ලයි

යුක්තියෙන් අදත් අපරාධකරුවන් 790ක් අල්ලයි

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 790 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 741 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 49ක් සමගින් මුළු සැකකරුවන් 790 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 241 යි මිලිග්‍රෑම් 25ක්, අයිස් ග්‍රෑම් 145 යි මිලිග්‍රෑම් 56ක්, ගංජා කිලෝග්‍රෑම් 13 යි ග්‍රෑම් 179ක්, ගංජා පැල 4,171ක්, මාවා ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 75ක්, මදන මෝදක ග්‍රෑම් 188ක් හා තූල් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 973ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 741 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 17 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 34 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 17 ක් සිටිනවා.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 49 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 01 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 46 ක් සහ ඇගිලි සලකුණු මගින් සැකකරුවන් 02 ක් සිටී.