― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට තව වසර 05ක්වත් දිය යුතුයි - රුවන්

රනිල්ට තව වසර 05ක්වත් දිය යුතුයි – රුවන්

මේ රට ගොඩගන්න නම් අවම වශයෙන් තව වසර පහක්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

අද (29) මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පොහොට්ටුවේ හා ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහයෝගය ලබා දීම උදෙසා සාකච්ඡා කරමින් සිටින බවයි.

“අද බොහෝ අය අදහස් පල කරනවා ප්‍රථමයෙන් පැවතිය යුත්තේ මහ මැතිවරණයක් කියලා. නමුත් ව්‍යවස්ථාවට අනුව ප්‍රථමයෙන් පැවතිය යුත්තේ ජනාධිපතිවරණයයි. ඒ සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙනවා. පොහොට්ටු පක්ෂයේ බහුතරයගේ මතයත් එයයි. නාමල් රාජපක්ෂ ඒ පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පත් වුවත් අපිට ගැටලුවක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ අපිට අභියෝගයක් නෙවෙයි. සමගි ජන බලවේගයේ කණ්ඩායමක් මේ වන විට අපිට සහාය දෙන්න සාකච්ඡා කරනවා.

මේ රට ගොඩගන්න නම් අවම වශයෙන් තව වසර පහක්වත් නිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටිය යුතුයි. වෙන අයට රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් නෑ. කිසි කෙනෙක් නිසි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලත් නෑ.”