― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලාංකිකයින් විදෙස්ගත වීම සැලකිය යුතු ලෙස ඉහළට

ලාංකිකයින් විදෙස්ගත වීම සැලකිය යුතු ලෙස ඉහළට

මෙරට ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් තුන් ලක්ෂයද ඉක්මවා විදේශ රැකියා සඳහා මෙරටින් පිටවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්ප්පෙරුම පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරියේදී රටෙහි පවතින ශ්‍රම බලකා‍යෙහි විශාල හිඩැසක් ඇතිවීම මගින් රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද විශාල බලපෑමක් සිදු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ 2022 වර්ෂයේ සිට විදේශ රැකියා සඳහා පිටත්වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශයේ දත්ත ලේඛනවලට අනුව මාසික සාමාන්‍ය සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 25,000 ඉක්මවා ඇති අතර ඉන් වැඩි පිරිසක් වෘත්තිකයන් සහ නිපුණතාවයන් සහිත ශ්‍රී ලාංකිකයන්.

සංක්‍රමණික සේවක‍යින්ගෙන් 85%ක් පමණ සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලයි. මේ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ගෙන් පිරිමින් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 25-29 කාණ්ඩයේ පසුවන අතර කාන්තාවන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 40 – 44 වයස්වල පසුවනවා. කෙසේ වෙතත් මිලියන 22ක පමණ ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ආර්ථීක අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක මෙරට ශ්‍රම බලකාය විදේශ රැකියාවලට යොමු වීමෙන් රටෙහි ප්‍රගමනයට අහිතකර බලපෑමක් නොවේද? ඉදිරියේදී රටෙහි පවතින ශ්‍රම බලකා‍යෙහි විශාල හිඩැසක් ඇතිවීම මගින් රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද විශාල බලපෑමක් සිදු වනවා.”