25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැක කටයුතු යමක් ඇත්නම් දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

සැක කටයුතු යමක් ඇත්නම් දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය වෙනුවෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් 6,837ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 464 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,882 ක් දේවස්ථාවනවල රාජකාරි සඳහා යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ දේවස්ථාන අවට හෝ යම් ස්ථානයක සැක කටයුතු දෙයක් ඇති නම් හෝ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයෙකු සිටී නම් හැකි ඉක්මනින් පොලීසියට දැනුම්දෙන ලෙසයි.

ඒ සඳහා 119, 118 සහ 1927 අංක හරහා ඔබට පොලීසිය සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතිනවා.

මිට අමතරව පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා ද විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.