27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපාදේ ආරක්ෂිත වැටෙන් වැටුණු විදේශිකයා මුදාගනී

සිරිපාදේ ආරක්ෂිත වැටෙන් වැටුණු විදේශිකයා මුදාගනී

ශ්‍රී පාදයේ ඇහැලකණුව ප්‍රදේශයෙදී ආරක්ෂිත වැටෙන් පහළට ඇදවැටුණු විදේශිකයා ඉන් මුදාගෙන තිබෙනවා.

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ, ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මීටර් 100ක් පමණ ප්‍රපාතයට ඇදවැටුණු ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත් වී තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි, මහාරාට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමැති 25 හැවිරිදි තරුණයෙකි.

තුවාලකරු තවත් පිරිසක් සමඟ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කර ඇති අතර අද (29) අලුයම 4.45 ට පමණ එම මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මීටර් 100ක් පමණ ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩමළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා ඉන් මුදවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.