22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා විදෙස් දුමිවැටි සමඟ අයෙක් පොලිස් දැලේ

හොරෙන් ගෙනා විදෙස් දුමිවැටි සමඟ අයෙක් පොලිස් දැලේ

තීරුබදු නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ දුමිවැටි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

දීප ව්‍යාප්තව සිදුකරනු ලබන යුක්තියේ මෙහෙයුමට අදාළව විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) බෙලිඅත්ත පොලිස් වසමේ අංක 25, වින්සන් පාර, බෙලිඅත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී තීරුබදු නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 40ක්, බිස්නස් රෝයල්ස් දුම්වැටි 240ක් සහ ඩබල් හැපිනස් 122ක් අලෙවි කරමින් සිටි මොදරවාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.