28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනමක් වෙසින් කල් ගෙවූ පාතාල සාමාජිකයෙක් අල්ලයි

හිමිනමක් වෙසින් කල් ගෙවූ පාතාල සාමාජිකයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 06 දෙනෙක් ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (31) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් හිමිනම ගාල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 43 හෑවිරිදි හිමිනමක් බවයි අනාවරණය වී ඇත්තේ.

සෙසු සාමාජිකයින් ලෙස බලපිටිය ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ අවුරුදු 31ක පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම සැකකරුවන්ට ආධාර අනුබල ලබාදෙමින් ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ තවත් සැකකරුවන් තිදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.