32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

දිස්ත්‍රික්ක 04 ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන්ට මෙම අවස්ථාව හිමිවනු ඇති.

එම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2500 දීමනාව ලැබීමට හිමිකම් ලැබූවන්ට ගැටලු කිහිපයක් නිසා මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු බවත් ඔවුන් සියලුදෙනාට සිංහල හා හින්දු අළුත් අවුරුද්දට පෙර එම ප්‍රතිලාභ ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.