26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගජමුතු 04ක් සමඟ හිටපු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

ගජමුතු 04ක් සමඟ හිටපු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලිසිය පැවසුවේ අද (01) පස්වරුවේ තල්ගස්ගොඩ, මීගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යුද හමුදාවේ හිටපු නිලධාරියෙක් ගජමුතු තොගයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල, මරදාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ගජමුතු හතර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.