― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට නම් ඉන්ධන මිල රුපියල් 50 – 60ත් අතර මිලකින් අඩුවිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එලෙස මිල ගණන් අඩු වන්නේ නම් ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් පහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසුවේ.

මේ ආර්ථික උද්ධමනයත් එක්ක ත්‍රීරෝද රථයේ අවශ්‍යතා සපුරා ගැනීමට තිබෙන ලිහිසි තෙල් සහ අමතර කොටස් සම්බන්ධව තියෙන ගැටලු, වැට් බදු සම්බන්ධව තියෙන ගැටලු, මේ සියල්ල එකතු කරගෙන අපිට වෙනම අඩු කරන්න සුළු මුදලකින් බැරිවෙනවා. උපරිමය අපි රුපියල් 50ත් 60ත් අතර මිලකට ඉන්ධන මිල අඩුවෙලා තිබුණා නම් අඩු කරන්න තිබුණා.

අපි රුපියල් අසූවට හයර් ගාස්තු තබාගෙන තිබියදීත් ඒ වෙනකොට ඉන්ධන මිල තිබුණේ රුපියල් එකසිය හැටකට වගේ මුදලකට. දැන් ඒ වගේ දෙගුණයකට ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඉන්ධන මිල. ඒකට සාපේක්ෂව දැන් මිල අඩුයි කියලා කියන්න පුළුවන් රුපියල් සීයයි කියන ගාන, සුළු සුළු මුදල්වලින් කොච්චර අඩු වුවත් සාපේක්ෂතාවයෙන් ඉන්ධන මිල අඩුවීමක් වෙලා නැහැ. මේ කරන්නේ වැඩි වෙච්ච මුදල යම් යම් සුළු සුළු අවපාතයන්වලට අඩුකරන එක.