32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතායි එයාර්වේස් යළි මෙරට ගුවන් ගමන් අරඹයි

තායි එයාර්වේස් යළි මෙරට ගුවන් ගමන් අරඹයි

තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා යළි ආරම්භ කර තිබෙනවා.

ඔවුන් යළිත් වරක් මෙරට ගුවන් ගමන් ඇරඹුවේ වසර හතරකට පසු වීම විශේෂත්වයකි.

ඒ අනුව තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ (31) රාත්‍රී 11.55 ට මෙරටට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එහි තායිලන්ත ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150ක් පමණ මෙරටට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකෙරෙන බවයි කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ.