26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්ද, ලසන්ත හා මහින්දගේ පට්ටම් ගැලවූ මෛත්‍රී

දුමින්ද, ලසන්ත හා මහින්දගේ පට්ටම් ගැලවූ මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් දැරූ දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය මහින්ද අමරවීර එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

පසුගියදා (30) ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ රැස්වීමකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මේ බව කියා සිටියේ.

ඒ අනුව දුමින්ද දිසානායකට එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයත්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට භාණ්ඩාගාරික ධුරය හා අමාත්‍ය මහින්ද අමරවීරට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයත් අහිමි වී තිබෙනවා.

එම තනතුරුවලින් ඔවුන් ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප-සභාපති ධුරය සරත් ඒකනායකට, භාණ්ඩාගාරික ධුරය හෙක්ටර් බෙත්මගේට හා ජාතික සංවිධායක ධුරය කේ.පී. ගුණවර්ධනට ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙනවා.