27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාගයෙක් දෂ්ඨ කිරීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

නාගයෙක් දෂ්ඨ කිරීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

මඩකලපුව – කලුවන්කේනි ප්‍රදේශයේදී නාගයෙකු දෂ්ඨ කිරීමෙන් 76 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරාවුර් පොලිසිය පැවසුවේ ඊයේ (31) සවස මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

කලුවන්කේනි ගම්මානයේ දරුවන් හත් දෙනෙකුගේ මවක් වූ චින්නතම්බි කර්පගම් නම් කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය තම ගෙවත්ත අතුගාමින් සිටියදී කොළරොඩු අතර සැඟවී සිටි නාගයෙක් දෂ්ඨ කර ඇති අතර ඉන් මද වේලාවකට පසු ඇය ක්ලාන්ත වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රතිකාර සඳහා ඇය චෙංගලඩි රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.