27.2 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල් ගසකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

පොල් ගසකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, වල්ලිපුරම් ප්‍රදේශයේදී පොල් ගසකින් වැටීඉ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ 61 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් මෙලෙස පොල් ගසකින් වැටී ඊයේ (31) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා ජීවිකාව ලෙස පොල් කැඩීම සිදුකර ඇති අතර පසුගියදා වල්ලිපුරම් ප්‍රදේශයේ ගෙවත්තක පොල් කැඩීමට ගිය අවස්ථාවේදී ගසෙන් වැටීඉ බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ මෙම පුද්ගලයා මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.