30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමළගෙදර ගුටි කෙළියෙන් 06ක් රෝහලට

මළගෙදර ගුටි කෙළියෙන් 06ක් රෝහලට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රියේ ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට යාපනයේ සිට පැමිණි මරණකරුගේ ඥාතීන් පිරිසක් හා ස්වාතිපුරම් ගම්මානයේ ඥාතීන් දෙපරිසක් අතර මෙම බහින්බස්වීම හටගෙන ඇති බවයි.

එහිදී මෙම බහින්බස් වීම දුරදිග ගොස් එය පහරදීමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙම පහර දී ගැනීමෙන් දෙපාර්ශවයේම 6 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් මුලතිව් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී බරපතල තත්ත්වයේ පසු වූ අයෙක් යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.