23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මාවතගම ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාවතගම – සිංහපුර මුස්ලිම් දේවස්ථානය ආසන්නයේදී ඊයේ (31) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වී තවත් සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෑඋඩ, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් කාමිල් මොහොමඩ් සාහීල් නැමැති වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්.

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ 15 සහ 16 හැවිරිදි වියේ පසුවන සිසුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.