― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsශ්‍රී ලංකාව ණය ගෙවන්න සහන කාලයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව ණය ගෙවන්න සහන කාලයක් ඉල්ලයි

බැඳුම්කර හිමියන් සමඟ මේ සතියේ ලන්ඩනයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ණය නොගෙවා සිටීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාව 2022 වසරේ සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක ණය ගෙවීම පැහැර හැර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තවමත් පොර බදමින් සිටින බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩනයේ පැවැත්වෙන සාකච්ඡා අතරතුර ඩොලර් බිලියන 12ක ණය ආපසු ගෙවීමේ වසර පහක සහනයක් ලබා ගැනීම මුදල් අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

විදේශ ණය නැවත ගෙවීම සඳහා රජයෙන් කරන ලද යෝජනාවක් සලකා බලා බැඳුම්කර හිමියන්ගේ මෙහෙයුම් කමිටුව එකඟතාවයකට පැමිණීමට හෝ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

වසර පහක් සඳහා ගෙවීම් කල්දැමීමත්, 2028 ආරම්භයේ සිට 2042 දක්වා ණය ආපසු ගෙවීමත් රජයේ යෝජනාවයි. මේ අතර ශ්‍රී ලංකාවට මූල්‍ය සහන ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ සක්‍රීයව සාකච්ඡා කිරීමට සිය මූල්‍ය ආයතන සඳහා අඛණ්ඩව සහය වීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් ණය හිමියන් සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සිකුරාදා පැවසුවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක් අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයේ කළ සංචාරය අවසානයේ මෙම ප්‍රකාශය නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ පුනර්ජීවනය කිරීමට දරන ප්‍රයත්න මධ්‍යයේ දෙරට අතර නව ගිවිසුම් නවයකට ද අත්සන් තැබුවා. අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව චීනයේ EXIM බැංකුව සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බවත්, එය මේ වසරේදී තවදුරටත් දීර්ඝ කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ක්ෂණික හදිසි පියවරක් ලෙස 2022 වසරේ සිට වසර දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ණය ආපසු නොගෙවා සිටීමට චීනයේ එක්සිම් බැංකුව එකඟතාව පල කළා.

2024 අප්‍රේල් මාසයේ සිට ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කරන ලෙස චීන බලධාරීන් දැනටමත් රජයට දන්වා ඇත්තේ යම් සහනයක් දීර්ඝ කිරීම ගැන ඉන් පසු සලකා බැලීමේ පදනම මතයි.

2023 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.3ක්. ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.8 ක් ද, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.84 ක් ද, වාණිජ ණය ඩොලර් බිලියන 14.74 ක් ද වනවා.