― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු සජිත් කියයි

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු සජිත් කියයි

පාස්කු වින්දිතයින්ට අදටත් රජයෙන් නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගතහොත් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සොයා ගැනීමට තමා නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (02) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ

ඒ අනුව තමා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මාස 2ක් ඇතුළත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයන් 7ත් 9ත් අතර සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත් ඒ තුළින් අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරීමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබා ගැනීමේ බලය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

එසේම කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරීමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, FBI ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන බවත් කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට යටත්ව ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවන බවත් ඒ සදහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත් නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් අවධාරණය කළේය.