― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසරසවි සිසුවෙක් දුම්රියට බිලිවෙයි

සරසවි සිසුවෙක් දුම්රියට බිලිවෙයි

ඊයේ (01) පස්වරුවේ දුම්රියේ ගැටී විශ්ව විද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි.

මෙම සිසුවා පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසළදී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සරසවි සිසුවෙක්.

පොලීසිය පැවසුවේ මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්‍රී කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රිය පැමිණෙන හඬ නොඇසී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.